මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සැකසීමේදී බලධාරීන් සහ ඇතැම් ලිත් ප්‍රකාශකයන් එක්ව සිදු කරන බව කියන ‘කූට ව්‍යාපෘතිය’ ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ දැඩි විවේචනයට ලක් විය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජ්‍යොතිර්වේදී රවිශංක සේනානායක මහතා අවධාරණය කළේ, නොනගත කාලසීමාවෙන් බැහැරව ජනතාව පීඩාවට පත්වන අයුරින් නැකත් සකස් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවයි. පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන ‘ලිත් මුදලාලිලාගේ’ වුවමනාවන් මත මෙරට සංස්කෘතික උරුමය පාවා නොදෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන් ජ්‍යොතිෂය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත්, විද්වත් ජ්‍යොතිර්වේදීන්ගේ අදහස් නොසලකා හරිමින් කූට ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා පවත්වන බවටත් මෙහිදී චෝදනා එල්ල විය. පසුගිය වසරේදී ද අශුභ වේලාවන්හිදී නැකත් ලබා දීමෙන් ජනතාව නොමඟ යැවූ බව සිහිපත් කළ ඒ මහතා, වත්මන් පාලනය යටතේ ද එම වැරැද්දම සිදුවන බව පෙන්වා දුන්නේය. මෙවර වෙසක් පොහොය දිනය පවා වැරදි ලෙස සටහන් කර තිබූ බවත්, මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීම නොවන්නට එයද අවුල් සහගත වන බවත් ඔහු අනාවරණය කළේය.එළඹෙන 16 වැනිදා රජය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් විද්වත් කමිටුව ප්‍රකාශ කළේ, තමන් කිසිදු පාර්ශවයකට යටත් වීමට සූදානම් නොමැති බවයි. රටේ සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම වෙනුවෙන් සත්‍ය ජ්‍යොතිෂ සිද්ධාන්ත මත පිහිටා තීන්දු ගැනීමට තමන් නොබියව පෙනී සිටින බව ඔවුහු පැවසූහ. මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බවට දැනටමත් මහානායක හිමිවරුන් දැනුවත් කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.අවසාන වශයෙන් ජ්‍යොතිර්වේදීන් රජයෙන් ඉල්ලා සිටියේ ජනතාවගේ විශ්වාසය සහ රටේ සෞභාග්‍යය සුරැකෙන පරිදි, ශාස්ත්‍රීය පදනමකින් යුතුව නැකත් චාරිත්‍ර නිවැරදිව සකස් කරන ලෙසයි. පෞද්ගලික ලාභ අපේක්ෂා කරන පිරිස්වලට සංස්කෘතික කටයුතු මෙහෙයවීමට ඉඩ දීමෙන් සිංහල අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය බිඳ වැටෙන බවත්, නිවැරදි නැකත් මාලාවක් ලබා දීම රජයේ වගකීමක් බවත් ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුව වැඩිදුරටත් අවධාරණය කළේය.


























