උතුරු භාර පොලිස්පතිවරයා
මැරයන්ගේ සංගම් අනුමත කරලා..
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපිය මාධ්‍ය හමුවේ ගිනි තබයි..
සමස්ත ලංකා වෙඩි තබන්නන්ගේ සංගමය කියලා එකකුත් ආවොත් පිළිගන්නවාද..
ලීසියෙන් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මාධ්‍ය හමුවේ පවසනවා..
……………………….
පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛනය සඳහන් වන්නේනේ සීසර්ලාට එරෙහිව ක්‍රියා කිරීමයි..
එසේ තිබියදී උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නීති විරෝධී සංගමයක් ප්‍රවර්ධනය කරමින් සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය පිළිගෙන ඇති බවද මෙහිදී සඳහන් කරනවා..
එවැනි වෘත්තකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ නැති බවයි අසංක රුවන් පොතුපිටිය මහතා චෝදනා කරන්නේ.
………………………………
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අසංකරුවන් පොතුපිටිය මහතා..
ශ්‍රී ලංකා පොලිසිය හාස්‍යයට ලක්වෙන කරුණක් මම කියනවා.
මට උතුරු පළාත කංකා සංතුරේ කියලා ලියුමක් ඇවිල්ල තියෙනවා..
අහිංසක මිනිසුන්ගේ කොල්ල කන්න වැඩපිළිවෙලක් යනවා..
මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ උතුරු පළාතේ ප්‍රධානියෙක්ගෙන්.දනපාල මහතාගෙන් ..ඔහු නියෝජ්‍ය පොලිස්පති වරයෙක්..
ලිපියේ හෙට් ලයින් එක තියෙන්නේ සමස්ත ලංකා දේපල අත්පත් කර ගැනීමේ වෘත්තීකයන්ගේ සනිතිය කියලා..
මේ පොලිස්පතිවරයා දැනගන්න ඕනේ සමස්ත ලංකා දේපළ අත්පත් කරගන්න සංගමයක් පිහිටවන්න බෑෑ කියලා.
(දුරකථනඅමුතු මේ හඬ පටය ඉදිරිපත් කරමින්).
මේ වෘත්තකයන් කියන්නේ කවුද නීතිඥවරු වෛද්‍යවරු තමයි ඉංජිනේරුවො තමයි වෘත්තිකයෝ..
දේපළ කොල්ල කල අයට නමක් දෙන්නේ කොහොමද වෘතකයෝ වෙන්නේ..
සංගමයක් ඕන්නම් පිහිටවන්න පුළුවන් වෙඩික්කරුවන්ගේ සංගමය කියලා..
ඒවත් පිළිගන්නවාද..
වෙඩික්කරුවන්ගේ සංගමයක් ලියාපදිංචි කරන්න පුළුවන්ද සමාගම් මැදුරේ..
උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි මේක ලියල එවන්නේ..
අපි මේකට අධිකරණයට යනවා..
මේ පොලිස් ලාංඡනය පිට මේ ලියුම එන්න විදිහක් නෑ. මේක ඒ සමිතිය පිළිගැනීමක්ද..
සමස්ත ලංකා, දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිය අංග මේ ලිපිය අනුමත කරලා තමයි මේ ලිපිය නැවත එවලා තියෙන්නේ අපිට..
අපි මේකට විරුද්ධව පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.
(ලිපිය ගිනි තබා දමයි)
කොවිඩ් වසංගතයේ හේතුවෙන් තමයි ගොඩක් අයට මුදල් ගෙවා ගන්න බැරි උනේ..
මහා බැංකුවට මේවා නියාමනය කරන්න බැරිවෙලා..
මේ අය කියන දේවල් කිසිම මූල්‍ය ආයතනයක් පිළිගන්නේ නෑ.?
නන්දලාල් වීරසිංහ රොබෝ කෙනෙක් වගේ..
මිනිස්සුන්ගේ දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගන්න හදනවා..
පොලිස්පතිවරයා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා වාහන අත්පත් කරගන්න බැහැ කියලා..
ජනවාරි 31 පොලිස් මූලස්ථානයේ ඉදිරිපිටියට එන්න අපි දැවැන්ත උද්ඝෝෂණයක්කරනවා.
පනතින් තියෙන්නේ සීසර්ලට බලය පවරන්න නෙමෙයි..
නන්දලාල් ෆේල් නන්දලාල් ඉල්ලා අස්වෙන්න ඕනේ..
…………………………………
Q.A..
ඉදිරියේදී වාහන මිල ඉහළ යනවා යනවා. ඒ නිසා ලීසින් සමාගම් උත්සාහ කරනවා පොඩි මිනිහගේ පොඩි වාහන අත්පත් කරගන්න..
ලීසින් පහසුකම් ගත්තනම් ඒවා ගෙවන්න ඕනේ තමයි..
හැබැයි ඒවා ගෙවීමේදී අපහසුතාවයට පත්වෙන ජනතාව වෙනුවෙන් තමයි අපි පෙනීී සිටින්නේ..
අපි මෙතෙක් මේ සංගමය හරහා ජනතාවට ගොඩක් පහසුකම් අත්පත් කර දීලා තියෙනවා..
ලීසින් සමාගම් සහ රක්ෂණ සමාගම් ගැටයක් ගහලා තිබුණා..
රක්ෂණ මුදල් ලබා ගැනීමේදී ඒවා කෙලින්ම වාහන හිමිකරුවකට ලබා ගන්න පුළුවන් විදියට අපි සංශෝධනය කළා..