‘C/2025 A6’ නොහොත් ‘ලෙමන්’ ලෙස හඳුන්වන ධූමකේතුව මේ වන විට සවස අහසේ නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයෙකු වන ගිහාන් වීරසේකර මහතා පවසයි.ඔහු පැවසුවේ හිරු බැස ගිය වහාම, එනම් සවස 6.30ට පමණ සිට මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් සඳහා ක්ෂිතිජය අසලින් මෙම ධූමකේතුව දැකගත හැකි බවයි.වර්ෂාව රහිත පැහැදිලි සන්ධ්‍යාවන්හිදී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ සිට එය පහසුවෙන් දැකගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ධූමකේතුව ප්‍රථම වරට සොයාගනු ලැබුවේ එක්සත් ජනපදයේ පිහිටි ‘ලෙමන්’ නිරීක්ෂණාගාරයේදී වන අතර, එයට ‘ලෙමන්’ යන නම ලැබී ඇත්තේ ඒ අනුවයි.
























