ලෝකවාසී කිතුණු ජනතාව අද මහ සිකුරාදා සැමරුමට එක්වෙති

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (අප්‍රේල් 03) යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය පුරාවට යාච්ඤාව, උපවාසය සහ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වූ කිතුණු බැතිමත්හු අද දිනයේදී වඩාත් භක්තිමත්ව එම උත්තරීතර පරිත්‍යාගය මෙනෙහි කරති.​අද දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි දේවස්ථානවල විශේෂ ආගමික වත්පිළිවෙත් රැසක් සංවිධානය කර ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිකරමින් පැවැත්වෙන සම්ප්‍රදායික පැය තුනක විශේෂ දේව මෙහෙයන්ට සහ කුරුසියේ මඟ යාච්ඤාවන්ට සහභාගී වීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්වීමට නියමිතය. ලෝකය වෙනුවෙන් උන්වහන්සේ විඳි කල්වාරි දුක්ප්‍රාප්තිය මෙදින පල්ලියේදී ශුද්ධ වූ වත්පිළිවෙත් මගින් ප්‍රතිනිර්මාණය කෙරේ.​මහ සිකුරාදා දින සිදුවන මෙම මරණය සහ කැපකිරීම ජයග්‍රහණයේ මාවතක් බව කිතුණු විශ්වාසයයි. ඒ අනුව, මරණය පරාජය කරමින් ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම හෙවත් පාස්කු ඉරිදා සැමරුම එළඹෙන ඉරිදා දිනයේදී මහත් හරසරින් පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනය මරණයේ නිහඬතාවය මෙනෙහි කරන ශෝකජනක මෙන්ම ආගමික වශයෙන් අතිශය වැදගත් දිනයක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 676

Leave A Reply

Your email address will not be published. Required fields are marked *