ලෝක කුසලානයට පෙර ජනපති අනුර ක්‍රිකට් පිල හමුවෙයි: ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයින්ට දිරියක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විශ්වාසය හා මානසික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එන්.සී.සී (NCC) ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවිය. මෑත කාලීන තරග පරාජයන් සහ ඒ හේතුවෙන් ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා කණ්ඩායම එක්වන්නේ යම් පීඩනයක් සහිතවය.​එවන් පසුබිමක, පුහුණු සැසිය අවසානයේ ක්‍රීඩකයින් හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් සිය දිරිගැන්වීම් එක් කළේය. පෙබරවාරි 8 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකාවේ පළමු තරගයට පෙර ක්‍රීඩකයින්ට අවශ්‍ය මානසික ශක්තිය ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *