එළඹෙන 2026 ICC අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා, වත්මන් ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. එම සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නවක ක්‍රීඩකයන් දෙදෙනකු වන නිතේෂ් සැමුවෙල් (Nitesh Samuel) සහ නදෙන් කූරේ (Naden Cooray) ඇතුළත් වීම විශේෂත්වයකි. වික්ටෝරියා ප්‍රාන්තයේ ඔලිවර් පීක් විසින් නායකත්වය දරනු ලබන මෙම සංචිතයට, පර්ත්හි පැවති අවුරුදු 19න් පහළ ජාතික ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත් වේ. කැපී පෙනෙන දස්කම් දැක්වීම හේතුවෙන් සැමුවෙල් සහ කූරේ සංචිතයට එක් විය. ශූරතාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සැමුවෙල්, ලකුණු 364ක් රැස් කරමින් (සාමාන්‍යය 91) තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණු අතර, කූරේ ඔහුගේ ශක්තිමත් තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තෝරා ගන්නා ලදී. NSW මෙට්‍රෝ නියෝජනය කරන මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නිල තරගාවලි කණ්ඩායමට ද නම් කර තිබුණි.


























