ලෝක කුසලානය සඳහා තේරී පත්වන රෝද පුටු ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී ඇරැඹේ.ලොව අංක එකේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකාවත් ඒ අතර.

ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලිය සඳහා තෝරා ගැනීමේ ,BNP Paribas World team cup,
තරගාවලි කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේ දී අද ආරම්භ වුණා.

මෙම තරගාවලිය අද සිට මාර්තු 2වෙනිදා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංකම් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේද පැවැත්වුණා

මේ සඳහා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයෙහි සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා සහ ජාත්‍යන්තර ටෙනිස් සංගමයේ ප්‍රධාන සංවිධායක ANASTASIYA RENTOULI මහත්මියගේ සහභාගි වී සිටියා

මෙහි කාන්තා තරගාවලිය සඳහා ජපානය කසගස්ථානය ඉන්දියාව චීන තායිපේ. යන රටවල්ද. පිරිමි තරගාවලිය සඳහා ජපානය ඉන්දියාව පකිස්ථානය ඉරාකය කසගස්ථානය ඉරානය යන රටවල්ද එක්ව සිටිනවා
ශ්‍රී ලංකා පිරිමි රෝද පුටු ටෙනිස් කණ්ඩායම මීට පෙර ලෝක කුසලාන තරගාවලිය සඳහා තේරී පත්වුණා.
මෙම තරගාවලියෙන් තේරී පත්වන කණ්ඩායම් දෙකද ී ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වෙනවා

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා රෝද පුටු ටෙනිස් ලෝක ශූරිය වන yui Kamiji ක්‍රීඩිකාවද සහභාගී වී සිටිනවා

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන (2025/02/26) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ආරම්භ වුණ අතර එහි ප්‍රධාන ආරාධිතය අවශ්‍යයෙන් සහභාගි වූයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුන ජයසේකර මහතායි.

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *