මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 09 සිට 15 දක්වා යෙදී ඇති අතර අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු යන තේමාව යටතේ මෙවරද ග්ලෝකෝමා සතියෙහි ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දැනුවත් කිරීම සඳහා අද (05) ජාතික අක්ෂි රෝහලේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එම වැඩසටහන් සම්බන්ධයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීම සිදුවිය.
2025 මාර්තු 29 වන දින මහනුවර ජාතික රෝහලේදී විශේෂ ග්ලෝකෝමා අක්ෂි සායනයක් පැවැත්වීමට නියමිතය. සායනික දේශන මාර්තු 11 වනදා කොළඹ ජාතික අක්ෂි රෝහලේදී සංවිධානය කර ඇත. මීගමුව, මහනුවර, කොළඹ හා ගාල්ල යන රෝහල් ආශ්‍රිතව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩමුළු රැසක්ද සංවිධානය කර ඇත.
























