බහරේනයේ පැවැති ලෝක යොවුන් කොන්ටෙන්ඩර් (World Youth Contender) ටේබල් ටෙනිස් තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දස හැවිරිදි තාවී සමරවීර සමත් විය. 2026 වසරේ ඔහු දිනාගත් පළමු ජාත්‍යන්තර රන් පදක්කම මෙය වන අතර, ලෝක ටේබල් ටෙනිස් පිටියේ ඔහුගේ ශීඝ්‍ර දියුණුව මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් තහවුරු විය.වයස අවුරුදු 11න් පහළ ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කර ඇති තාවී, අවසන් මහා තරගයේදී බහරේනයේ යූසුෆ් අල්බන්නා පරාජය කරමින් ඉතා විශ්වාසවන්ත ලෙස මෙම ශූරතාව දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය තාවීගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ඔහුගේ තාක්ෂණික කුසලතාව, විනය සහ පරිණතභාවය හේතුවෙන් මේ වන විටත් ඔහු ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව සිටින දක්ෂ ක්‍රීඩකයෙකි.තාවී සමරවීර බහරේනයේදී ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය, ජාත්‍යන්තර ටේබල් ටෙනිස් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතු දක්ෂතාව විදහා දක්වන අතරම, මෙරට යොවුන් ක්‍රීඩා කුසලතා නංවාලීම සඳහා ද විශාල දිරියක් වනු ඇත.


























