ලෝක තෙත් බිම් දිනය අදයි…

ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව, අනාගතට උදෙසා තෙත්බිම් සුරකිමු  යන්නයි.

1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹිණි.

ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීයී.

සැලසුමකින් තොරව සිදු කෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී හේතු මත පදනම්ව, මෙරට තෙත් බිම් පද්ධතිය විශාල තර්ජනයකට ලක්ව තිබේ.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, මානව ක්‍රියාකාරකම් සේම, ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය වැනි ස්වභාවික හේතු නිසා ද, තෙත් බිම් පද්ධතිය විනාශ වන බවයි.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *