ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි

“සියල්ලන් සඳහා ඩිජිටල් මාවත්” යන තේමාව යටතේ වොෂින්ටන් ඩී.සී. හි ලෝක බැංකු මූලස්ථානයේ මාර්තු 17 සිට 20 දක්වා පැවැති ලෝක බැංකු සමූහයේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහභාගී විය.

මෙම සමුළුව ඩිජිටල් විසඳුම් සහ ආර්ථික හා සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ එහි භූමිකාව ගවේෂණය කිරීමේ අරමුණින් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වූ අතර ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නැගී එන ඩිජිටල් තාක්ෂණයන් සහ උපාය මාර්ග පිළිබඳ ගෝලීය විශේෂඥයින් සමග අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සිය අදහස් හුවමාරු කර ගත්තේය.

ගෝලීය ඩිජිටල් සමුළුවට සමගාමීව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුවේ ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ඡාවක ද නිරත වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා එහිදී IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා, IMF හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන්, IMF හි විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ද හමුවිය.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ (EFF) ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර 2025 පෙබරවාරි මාසයේදී EFF යටතේ තුන්වන සමාලෝචනය සාර්ථකව නිම කිරීමෙන් පසු IMF විධායක මණ්ඩලයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලය ලබා දුන් සහයෝගයට අග්‍රාමාත්‍ය ලේකම්තුමන් ස්තුතිය පළ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත EFF සමාලෝචනයේ සන්ධිස්ථාන සපුරාලීමට ශ්‍රී ලංකා රජය සහය ලබා දෙන බවද අග්‍රාමාත්‍ය ලේකම්තුමන් මෙහිදී පැවසීය . අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වීම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සමස්ත ආර්ථික ඵලදායිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් රජයේ අඛණ්ඩ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් කෙරෙහිද මෙහිදී අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පුළුල් සහයෝගයට ස්තුතිය පංල කරමින් ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සමඟ අග්‍රාමාත්‍ය ලේකමි ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා රැස්වීමකට ද එක් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තත්වයට පත්කිරීම සහ සංවර්ධනයට සහාය වීම සඳහා ලෝක බැංකුවේ තිරසර සහයෝගය ලබා දෙන බව රයිසර් මහතා මෙහිදී යළි තහවුරු කළේය.

රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඛණ්ඩ මූල්‍ය හා තාක්ෂණික සහාය සහතික කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය සහය පිළිබඳව ද සාකච්ඡා අවධානය යොමුවිය. .

Next article: ළමා හා කාන්තා කාර්යංශයේ 109 මෙහෙයුම් මැදිරිය නවීකරණය කෙරේNext
නවතම පුවත්
ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි
කාලීන පුවත්

ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් සහභාගී වෙයි
Mar 21, 2025
ළමා හා කාන්තා කාර්යංශයේ 109 මෙහෙයුම් මැදිරිය නවීකරණය කෙරේ
කාලීන පුවත්

ළමා හා කාන්තා කාර්යංශයේ 109 මෙහෙයුම් මැදිරිය නවීකරණය කෙරේ
Mar 21, 2025
දවසේ කාලගුණය
කාලීන පුවත්

දවසේ කාලගුණය
Mar 21, 2025
“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට
කාලීන පුවත්

“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනයට
Mar 20, 2025
ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)
කාලීන පුවත්

ජාත්‍යන්තර වනාන්තර දිනය හෙට(21)
Mar 20, 2025
ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී
කාලීන පුවත්

ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී
Mar 20, 2025
පළාත් පාලන මැතිවරණය මැයි මස 06
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණය මැයි මස 06
Mar 20, 2025
ලක්ෂ 80 ක ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි – මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
කාලීන පුවත්

ලක්ෂ 80 ක ශ්‍රම බලකායෙන් බදු දැලට හසුවන්නේ ලක්ෂ 8ක් පමණයි – මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
Mar 20, 2025
මෙම වසර මැදභාගයේ සෞඛ්‍ය අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට යාම අරඹයි
කාලීන පුවත්

මෙම වසර මැදභාගයේ සෞඛ්‍ය අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට යාම අරඹයි
Mar 20, 2025
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය
කාලීන පුවත්

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සංචාරක අවස්ථා පුළුල් කිරීමට අවධානය

What's your reaction?

Related Posts

1 of 750

Leave A Reply

Your email address will not be published. Required fields are marked *