ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය!

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවර පැවැත්වුණු 41 වන ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලියේදී දෙවන අනුශූරතාවය (තෙවන ස්ථානය) දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් සමත් වූවාය. අවසන් තරගකාරිනියන් 20 දෙනා අතරට තේරී පත් වූ ඇය, තරගාවලියට සමගාමීව පැවැත්වූ අනුකණ්ඩයකදී ‘වඩාත් ප්‍රියමනාප පෙනුමක් ඇති විවාහක රූ රැජින’ (Mrs. Photogenic) යන කිරුළ ද දිනා ගත්තාය. ලොව පුරා රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සමාරම්භක කිරුළ රෝසි සේනානායක මහත්මිය විසින් දිනා ගනිමින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සුවිශේෂී ඉතිහාසයක් සනිටුහන් කර ඇත. සබීනා යූසුෆ් දිරිමත් කිරීම සඳහා මෙවර තරගාවලිය නැරඹීමට රෝසි සේනානායක මහත්මිය ද සහභාගී වී සිටි අතර, සබීනා ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකීය රූ රැජින ඉතිහාසයට තවත් සුවිශේෂී අභිමානයක් එක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *