ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට ආසන්න) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මෙතරම් ඉහළ අගයකට ළඟා වූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. චීනය සහ එක්සත් ජනපදය අතර පවතින වෙළඳ ගැටුම් හේතුවෙන් රන් මිල මෙලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ආයෝජකයින් රන් සංචිත කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ආරක්ෂිත වත්කම් වෙත හැරීම මීට හේතුව බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟම ශ්‍රී ලංකාවේ රන් මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) නිකුත් කළ මිල ගණන්වලට අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 235,500ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 256,000ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *