වටිනාකම රුපියල් මිලියන 100 ඉක්මවූ මත් පෙති තොගයක් මැදිමුරුප්පුවෙන් අල්ලයි: සැකකරු දැලේ

මත් පෙති 359,000කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදිමුරුප්පුවේදී ඊයේ (ඔක්තෝබර් 20) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරු මෙම මත් පෙති තොගය කල්පිටියේ සිට වව්නියාවට ද්විත්ව කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලද තොරතුරක් මත පොලීසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.​අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.​ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙම මත් පෙති තොගයේ වෙළඳ වටිනාකම රුපියල් මිලියන 100කට අධික බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම තොගය වව්නියාවේදී මෙම ජාවාරමේ ප්‍රධානියාට භාර දීමට නියමිතව තිබූ බවයි.​පොලිස් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ ගෙනවිත් ඇති බවයි. තවද, මෙම පෙති එකක් රුපියල් 300ක් බැගින් පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කිරීමට සූදානම් කර ඇති බවටද අනාවරණය වී තිබේ.​සැකකරු සහ මත් පෙති තොගය වව්නියා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.​මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ASP කළුආරච්චි, SSP සෝමරත්න විජේමුණි සහ DIG ඉන්දික හපුගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත වව්නියා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාරංග රාජගුරු සහ උප පොලිස් පරීක්ෂක විමල් පියරත්න යන මහත්වරුන් විසින් සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 800

Leave A Reply

Your email address will not be published. Required fields are marked *