වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය අද සිට පූර්ණ ඩිජිටල්කරණය වෙයි

​ශ්‍රී ලංකාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අද (31) සිට නව පෙරළියකට ලක් කරමින්, ඒ සඳහා වූ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුව හඳුන්වා දුන් මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළ යටතේ, මෙතැන් සිට සියලුම ප්‍රකාශයන් අදාළ මාර්ගගත (Online) පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු වේ.​මීට පෙර පැවති අතින් ලියන ලද මුද්‍රිත පත්‍රිකා ක්‍රමය වෙනුවට හඳුන්වා දුන් මෙම ක්‍රමය හුදෙක් පෝරමයක් පිරවීමකට පමණක් සීමා නොවන අතර, එය සමස්ත ක්‍රියාවලියේම පූර්ණ ඩිජිටල්කරණයකි. සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම් සහ අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් ස්වයංක්‍රීයව හඳුනාගත හැකි සත්‍යාපන පහසුකම් (Verification facilities) ද මෙම පද්ධතියට එක් කර තිබීම විශේෂත්වයකි.​මෙම ඩිජිටල් මාරුව හරහා දූෂණ මර්දන කටයුතුවල නිරවද්‍යතාවය සහ විනිවිදභාවය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම පද්ධතියේ ඇති කාර්යක්ෂමතාවය හේතුවෙන් වත්කම් විමර්ශන කටයුතු වඩාත් ස්වාධීන මෙන්ම ක්‍රමවත් ලෙස සිදු කිරීමට අල්ලස් කොමිසමට අවශ්‍ය ශක්තිමත් නීතිමය හා තාක්ෂණික පසුබිම මෙහිදී නිර්මාණය වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,074

Leave A Reply

Your email address will not be published. Required fields are marked *