වතු කම්කරුවන්ට මෙම වසර තුළ දී රුපියල් 1,750 ක අවම දෛනික වැටුපක් හිමි කර දීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියානු අරමුදල් යටතේ නුවරඑළියේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයකට එක්වෙමිනි.වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට රුපියල් 1,750 ක දෛනික වැටුපක් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.”කෙසේ හෝ මේ වසර තුළ දී ඔවුන්ට එම අයිතිය ලබා දීමට අපි පියවර ගන්නවා,” ඔහු වැඩිදුරටත් කීය.