වනජීවී සංගණනය අද උදේ 8.00ට ඇරඹේ..

කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද(15) පැවැත්වේ.

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පැවසුවේ උදෑසන 8.00 සිට 8.05 දක්වා කාලය තුළ මෙම සංගණනය සිදුකෙරෙන බවයි.

සියලුම ගොවි බිම්වල රැඳී සිටිමින් මේ සංගණනය සඳහා සහාය දක්වන ලෙස ද ශ්‍යාමලී මහත්මිය පවසයි.

යම් ප්‍රදේශයක වගා හානි සිදුකරන සතුන් නොමැති නම් ලබාදී ඇති පත්‍රිකාවේ ඒ බව සඳහන් කරන ලෙස ද ඇය දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *