වනාන්තරවල ඇතිවන හදිසි ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ අවධානය

ලංකාවේ මේ දිනවල පවතින වියළි කාළගුණය විශේෂයෙන් ලංකාවේ මධ්‍ය කඳුකරවලට එය බලපා ඇති බවත්  එම ප්‍රදේශ ආශ්‍රිත වනාන්තරවල හදිසි ගිනි ගැනිම් ඇති වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පරිසර අමාත්‍ය  වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

එමෙන්ම මේ ගිනි ගැනීම් පිටුපස මානව ක්‍රියාකාරකම් ඇති බවට තොරතුරු ලැබි ඇති බවත් මේ ගිනි තැබීම් හේතුවෙන් වන සංරක්ෂණ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයන්ගේද ජෛව පද්ධතීන් සඳහා විශාල වශයෙන් හානි සිදුව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කැලැ අඥා පනත , වන සත්ව හා වෘක්ෂ ලතා අඥා පනතට අනුව වන සතුන්ට හානි කිරීම , කැලැ ගිනි තැබීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පෙනවා දුන් අමාත්‍යවරයා , මේ අකාරයට ගිනි ගැනීම් වැළැක්වීමට සහය ලබා දෙන  ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 552

Leave A Reply

Your email address will not be published. Required fields are marked *