වයස අවුරුදු දහනවයක තරුණියක් සිදුකල පිහි ප්‍රහාරයකින් අවුරුදු 31 තරුණයෙක් ජීවිතක්ෂයට.

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී තරුණියක් සිදුකළ පිහි ප්‍රහාරයකින් විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

වයස අවුරුදු 19ක තරුණියක් මෙම පහරදීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක තරුණයෙකි.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැති අතර නමුත් අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇත.

එලෙස සිටින අතර ඊයේ රාත්‍රි සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

පහරදීම සිදුකළ තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *