පසුගිය දා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩ්තුවක්කු මහතා සමඟ වරාය හා රේගු නිලධාරීන් ඇතුළු බහාලුම් නිෂ්කාශනයට සම්බන්ධ සියලු පාර්ශව අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පැය 24 ක සේවාවක් පවත්වාගෙන යමින් මෙම බහාලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කරන්නට තීරණය විය.
එමෙන් ම දිනපතා ම තත්වය නිරීක්ෂණය හා විග්රහ කර මාධ්‍යට මුදා හරින ලෙසට විෂය භාර ගරු අමාත්‍ය වරයා උපදෙස් දුන්නේ ය.
ඒ අනුව අද උදෑසන(ජනවාරි ) පෙ.ව. 6.30 න් අවසන් වූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිලිබඳ වාර්තා වී ඇති ප්‍රමාණයන් මෙසේයි. ප්‍රධාන පර්යන්ත තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය – 2293කි.
ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදා හළ බහලුම් ප්‍රමාණය – 2074කි.
ඒ අනුව ගත වූ පැය විසිහතර ඇතුළත වරාය තුළ හිර වූ බහාලුම්වලින් යම් ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් තිබුණ ද පර්යන්ත වලින් පිට වූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටු වලින් පිට වී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය එතරම් අඩු වී නැති බව වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂවරයා පවසයි.