වරාය අධිකාරියෙන් රුපියල් බිලියන 39ක දැවැන්ත ලාභයක්!

නව රජය බලයට පත්වීමෙන් පසු, වරාය අධිකාරිය 2025 ඔක්තෝබර් 31 වන විට බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 39ක් වාර්තා කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙය පෙර වසරේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 12ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. ඒ අනුව, මෙම ලාභයෙන් රුපියල් බිලියන 5ක් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට වරාය අධිකාරිය නිවේදනය කර ඇත. මෙයින් රුපියල් බිලියන 2ක් දැනටමත් 2025 සැප්තැම්බර් මාසයේදී ලබා දී ඇති අතර, තවත් රුපියල් බිලියන 3ක් 2025 දෙසැම්බර් මාසයේදී මාරු කිරීමට නියමිතය. ඊට අමතරව, 2024 වසර වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඒකාබද්ධ අරමුදලට දළ වශයෙන් රුපියල් බිලියන 10.3ක් දායක වී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 862

Leave A Reply

Your email address will not be published. Required fields are marked *