වසරේ මුල් දින 18 තුළ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි – ඉන්දියාව පෙරමුණේ!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කළ නවතම දත්ත වලට අනුව, 2026 වසරේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයින් 158,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ජනවාරි පළමු සතියේ (01-07) සංචාරකයින් 58,822 ක් ද, දෙවන සතියේ (08-14) සංචාරකයින් 62,592 ක් ද මෙරටට පැමිණ ඇති බවයි. මීට අමතරව, ජනවාරි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා වූ දින හතර තුළ තවත් සංචාරකයින් 37,373 දෙනෙකු පැමිණ තිබේ.​මෙම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (28,686) වන අතර, රුසියාව (16,956), එක්සත් රාජධානිය (15,189), ජර්මනිය (10,837) සහ ප්‍රංශය (7,508) ප්‍රධාන වෙළඳපල මූලාශ්‍ර පහ අතරට ඇතුළත් වේ. මීට අමතරව ඕස්ට්‍රේලියාව, චීනය, පෝලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 975

Leave A Reply

Your email address will not be published. Required fields are marked *