වසර 05කට පසු තවත් වෛරසයක් චීනයෙන්

කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය තුල නව වෛරසයක් ව්‍යාප්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා.

මෙම වෛරසය හියුමන් මෙටප්නියුමෝ වෛරසය ලෙසයි හඳුන්වනු ලබන්නේ.

මෙම වෛරසය කොවිඩ් 19 වෛරසයට සමාන වෛරසයක් වන අතර කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ට මෙම වෛරසය හේතුවෙන් වැඩි බලපෑමක් ඇති වීමට හැකියාවක් පවතිනවා.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ සහ නියුමෝනියාව වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේවන විට වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද එම වාර්තාවල සඳහන්.

ඒ හේතුවෙන් චීනයේ රෝහල් ද රෝගීන්ගෙන් පිරී යමින් පවතින බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

මේ අතර ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විට චීනයේ පවතින තත්ත්වය හේතුවෙන් චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි පැවසෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නැහැ.

එමෙන්ම රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන රජයද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 480

Leave A Reply

Your email address will not be published. Required fields are marked *