වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති

වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට”  සියල්ල සූදානම් බව බුද්ධශාසනආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා  පැවසීය. 

2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය  හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසීය.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා  දින 10ක කාලයක්  පැවැත්වෙන අතරඑම කාලයේ  දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිත බවද පැවසුවේය.  ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය සහ දියවඩන නිලමේතුමාගේ අනුමැතිය සහිතව  ඒ සඳහා සියලු කටයුතු  මේවන විට සංවිධානය වෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය.

විදුලියජලයසෞඛ්‍යප්‍රවාහන යන සියලු අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත්වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය. එසේ වුවද  විශාල ජනකායක් දළදා වන්දනාවට පැමිණෙන නිසා ,  පුද්ගල බද්ධව විශාල ඉවසීමක් සහ කැපවීමක් සහිතව මෙම උතුම් කටයුත්තට දායක වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

දළදා වහන්සේ වන්දනයට අවස්ථාව හිමිවීම ජීවිත කාලය තුළ අපට හිමිවන විරලතම සහ දුලබ අවස්ථාවක් බව සිහිපත් කළ අමාත්‍යවරයා රජයක් හැටියටද මෙය හිමිව ඇති දුලබම අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.

පෝලිම්වල  රැඳීසිටන බැතිමතුන්ගේ මානසික විඩාව නිවීමට හා  බුද්ධාලම්භන ප්‍රීතිය වැඩිකිරීමට ගුවන්විදුලි නාලිකාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද පැවසුවේය.

විවිධ ක්ෂේත්‍රවල නියුතු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක්  මේ සඳහා දායකත්වය ලබාදෙන බවද කිය

ශ්‍රී ලංකාවේ ජනතාව සතුව තිබෙන අති උත්කෘෂ්ටතම සංස්කෘතික දායාදය වන ශ්‍රී දළදා වහන්සේ දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමව සලකන බවදමුළු මහත් ලංකාවාසීන් මෙන්මතානාපතිවරුන්විදේශ වලින් පැමිණෙන බැතිමතුන් ඇතුළුව ලෝකවාසී  සියලුදෙනා මෙම කටයුත්තට සම්බන්ධ වන ලෙසද  ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *