ව්‍යාජ ලෙස සකසා වැඩි මිලට විකිණූ පොහොර තොගයක් වටලයි

ව්‍යාජ ලෙස සකස් කොට වැඩි මිලකට පොහොර අලෙවි කළ පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ  මැදිහත්වීමෙන් දීර්ඝ කාලයක් පුරා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්  සියයට විසි එකක (21%) නයිට්‍රජන් පවතින පොහොර තොගයක්  සියයට හතළිහක  (40% )නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකස් තර  අලෙවි කර ඇති බවත්  පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වැටලීමේදී එහි කළමනාකාරවරයෙකු ඇතුලු සේවකයින් දොළොස් දෙනෙකු, කළවම් කරන ලද පොහොර මිටි දාහකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර පටවා තිබූ ලොරි 04ක් සහ තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව ද පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශය වැඩිදුරටත් පවසයි.

ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද  පොලීසිය සඳහන් කරයි.

එසේම වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක් සහ පොහොර බෑග් මහන මැෂින් , වැඩි මිල   සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *