වාකරේ පොලිස් වසමට අයත් උරියන්කට්ටු ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර තිබූ 22 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ඇය නොවැම්බර් 17 වන දින සවස මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. තට්ටමුනේ පදිංචිකාරියක වන මෙම වින්දිත තරුණිය ඝාතනයට ලක්වීමට ටික වේලාවකට පෙර ඇය සහ ඇගේ සැමියා අතර ආරවුලක් ඇතිවී ඇති බව වාර්තා වේ. මූලික විමර්ශනවලට අනුව, සැමියා විසින් විදුලි පංකාවක වයරයක් භාවිත කර ඇය ගෙල සිරකර මරා දමා ඇතැයි සැක කෙරේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධියෙන් පසු විෂ පානය කළ බව කියන 25 හැවිරිදි සැමියා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය. වකාරේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

























