වාද්දුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් සංචාරක හෝටලයක දෙවන මහලේ ගින්නක් හටගෙන තිබේ.ගින්නෙන් හෝටලය තුළ සිරවී සිටි සංචාරකයින් කිහිප දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමෙන් පසු ගින්න පාලනය කර ඇති බව පොලීසිය පැවසීය. කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ හෝටල් නිලධාරියෙක් මුදාගැනීමේ මෙහෙයුම අතරතුර තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.ගින්නෙන් හෝටලයේ රැඳී සිටි අමුත්තන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සහ වෙනත් පුද්ගලික බඩුබාහිරාදිය විනාශ වී තිබේ.වාද්දුව සහ පිංවත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකාය (STF) සමඟ ගිලන් රථ දෙකක් එම ස්ථානයට පැමිණ ඇති අතර, දුම ආඝ්‍රාණය වීමෙන් පීඩාවට පත් වූවන්ට වෛද්‍ය කණ්ඩායම් විසින් ප්‍රථමාධාර ලබා දී ඇත.
























