රජය විසින් අයවැයගත කරන ලද මුදල් භාවිත කිරීම වසරේ මුල් මාස හත තුළ අසාමාන්‍ය ලෙස මන්දගාමී වූ බවත්, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 19.8 ක පහත වැටීමක් බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.මෙම වසරේ ජූලි වන විට වාර්ෂික අයවැයගත මුදලින් වැය කර ඇත්තේ සියයට 22.2 ක් පමණි, එය සියයට 19.8 ක අඩුවීමකි.මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ, 2025 මාර්තු මාසයේදී විධිමත් වින්‍යෝග පනත (appropriation act) සම්මත වීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ද්විපාර්ශ්වික ව්‍යාපෘති යළි ආරම්භ කිරීම අපේක්ෂිත ප්‍රමාණයට වඩා මන්දගාමී වීමයි.වාර්තාවට අනුව, ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ යෑම සහ ප්‍රාග්ධන අයවැය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවය හේතුවෙන් 2025 ජනවාරි-ජූලි කාලය තුළ මූලික ශේෂ අතිරික්තය (primary balance surplus) ශක්තිමත් වී ඇත.වාහන ආනයනය වේගවත් වීමත් සමඟ ආනයන මත බදු (ආනයන මත එකතු කළ අගය මත බද්ද, මෝටර් රථ මත අය කරන සුරාබදු සහ වෙළෙඳ බදු වැනි) මූලිකවම හේතු කොට ගෙන මුළු ආදායම සියයට 26.5 කින් ඉහළ ගොස් ඇත.2025 ජාතික අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම් ක්‍රියාත්මක කිරීම සහ නැවත රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම් නිසා වැටුප් වියදම් ඉහළ යෑම සහ අධික සුබසාධන වියදම් හේතුවෙන් මූලික වියදම (පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම්) සියයට 7.2 කින් (වසරින් වසර) ඉහළ ගොස් ඇත.”කෙසේ වෙතත්, මෙය ප්‍රාග්ධන අයවැය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩුවීමෙන් අර්ධ වශයෙන් සමනය වී ඇත.” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි-ජූලි කාලය තුළ මූලික අතිරික්තය (primary surplus) සියයට 87.5 කින් (වසරින් වසර) වැඩි වී ඇත.2025 පෙබරවාරි මාසයේදී වාහන ආනයනයට තිබූ සීමා ඉවත් කිරීම හේතුවෙන් ජූලි වන විට පෞද්ගලික වාහන ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 506.1 ක් දක්වා 13 ගුණයකින් (වසරින් වසර) වැඩි වී ඇති අතර, එය පසුගිය වසර පහක (2020-24) සමස්ත වාහන ආනයනය අභිබවා ගොස් ඇත.වාහන සහ පොදු පාරිභෝගික භාණ්ඩ ආනයනයේ වැඩිවීම; (ගෘහස්ථ පරිභෝජනය වැඩි දියුණු වීම පිළිබිඹු කරයි) ඉන්ධන ආනයනයේ අඩුවීම (ගෝලීය තෙල් මිල පහත වැටීම සහ පුනර්ජනනීය බලශක්ති දේශීය සැපයුම ඉහළ යාම හේතුවෙන්) අභිබවා ගිය අතර, එය 2025 වසරේ මුල් මාස හත තුළ සමස්ත ආනයන බිල සියයට 11.8 කින් (වසරින් වසර) ඉහළ යෑමට හේතු වී ඇත.