වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා කම්කරු අමාත්‍යංශය විසින් නව වස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ

“0707 22 78 77” එම අංකය වන අතර  වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිත තාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහාත් මෙම අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය පවසයි.

මෙහි අරමුණ වනුයේ සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණ බව පෙන්වා දෙන කම්කරු අමාත්‍යාංශය  හඳුන්වා දී ඇති මෙම වට්ස්ස්ඇප් අංකයට ජනතා ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇත ඇති බවද දන්වා සිටියි.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටළු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය පවසයි.
මින් මහජනතාවගේ කාලය ඉතිරි කිරිම වියදම් අවම කිරිම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරිමටත් හැකි වන බවත් නිලධාරින්ට කාලය කළමණාකරණය කර ගැනීමේ පහසුව සඳහාත් මේ අංකය හදුන්වා දී ඇති බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි

What's your reaction?

Related Posts

1 of 435

Leave A Reply

Your email address will not be published. Required fields are marked *