සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝගයක් මත කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ආර්.ඊ. බෙල්ලන මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නිල ලිපියට අනුව, බලධාරීන්ගේ පූර්ව අනුමැතියකින් තොරව විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කිරීම මෙම වැඩ තහනමට මූලික හේතුව වී ඇත. ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව මෙම විනය පියවර ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.මෙම තීරණයත් සමඟ අද දින සිය නිල කාමරයේ තිබූ භාණ්ඩ ද රැගෙන ජාතික රෝහලෙන් පිටව යන අවස්ථාවේදී වෛද්‍ය බෙල්ලන මහතා මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, “අද මම මගේ බඩු බාහිරාදිය ඔක්කොම අරන් යන්න ආවේ. රස්සාව නැති වුණත් මම වෛද්‍යවරයෙක්, මට පෞද්ගලික අංශයේ හෝ සේවය කරන්න පුළුවන්” යනුවෙනි. ලෝකයේ ඕනෑම කෝටිපතියෙකු වුවද ඕනෑම අවස්ථාවක අසරණ විය හැකි බවත්, තමන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පසුතැවිලි නොවන බවත් ඔහු වැඩිදුරටත් ඉඟි කළේය. ඔහු රෝහලෙන් පිටව යන අවස්ථාව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් රෝහල් පරිශ්‍රයට රැස්ව සිටි අතර, තමන්ගේ මෙම ප්‍රකාශය පවා නැවත වරක් “ඇවිස්සීමක්” ලෙස බලධාරීන් අර්ථකථනය කරනු ඇතැයි ඔහු එහිදී උපහාසාත්මකව ප්‍රකාශ කළේය.


























