වැඩ තහනම්වූ මාරවිල මහේස්ත්‍රාත්

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අසේල සිලවාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙයට හේතුව වන්නේ නඩු කටයුතුවලදී ඔහු අක්‍රමිකතා සිදු කළ බවට එල්ල වූ චෝදනායි. මාරවිල අධිකරණයේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමෙන් පසුව, එම කොමිෂන් සභාවේ ලේකම්වරයා මෙම තීරණයට එළඹුණා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේනගේ නායකත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් පසුගිය දින කිහිපය තුළ ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කර තිබුණා. අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග පවසන පරිදි, මෙම විමර්ශන වාර්තා මත පදනම්ව මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *