වැදගත් පනත් කෙටුම්පත් රැසක් සමඟ පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9:30 ට පාර්ලිමේන්තු කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර, ජනතාවට සහ ආර්ථිකයට බලපාන තීරණාත්මක කරුණු කිහිපයක් මෙදින විවාදයට ගැනීමට නියමිතය. විශේෂයෙන් විදේශ විනිමය පනත යටතේ ඉදිරිපත් කර ඇති නව නියමයන් අනුමත කිරීම මෙන්ම, රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් වැදගත් වන “ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද දින න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් ගනී. මෙම ප්‍රධාන විවාදයන්ට අමතරව තවත් වැදගත් පනත් සහ යෝජනා කිහිපයක් පිළිබඳව ද අද සභාවේ අවධානය යොමු වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *