වැල්ලම්පිටියේදී ‘මහවත්තේ චාමරගේ’ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු කොටු වෙයි

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2කට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දැලට හසුවී තිබේ. ඊයේ (31) වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාර ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 938ක ප්‍රමාණයක් සොයාගත් බව ආරක්ෂක අංශ තහවුරු කරයි.​අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 සහ 58 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවත්තේ චාමර’ නමැත්තාගෙන් ලබාගෙන ඇති බවයි. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ජාලය මෙහෙයවන ප්‍රධානීන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *