වැල්ලවාය–තණමල්විල ප්‍රධාන මාර්ගයේ අඩවෙල්ලේයාය ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් 36 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මියගිය බව පොලිසිය පවසයි.මෙම අනතුර සිදුව ඇත්තේ, තණමල්විල දෙසින් වැල්ලවාය දෙසට ධාවනය වූ යුද හමුදා බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක හිසට හිස ගැටීමෙන් පසුවයි.යතුරුපැදිකරු වන වැල්ලවාය, රාජමාවත ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයා බරපතල තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.මේ පිළිබඳව වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
























