වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය: පාර්ලිමේන්තුව උණුසුම්! – “ආණ්ඩුව දේශපාලන මර්දනය පටන් අරන්” – රංජිත් මද්දුමබණ්ඩාර

​වෙඩි තැබීමකට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා තුවාල ලබා සිටියදී මියගිය බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.​ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කෙටි වේලාවකින් සභාවට ප්‍රකාශයක් සිදු කරන බවයි. අපරාධ වැළැක්වීම සඳහා රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.​මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් රජයට චෝදනා එල්ල කළේය.​”ආණ්ඩුව දැන් දේශපාලන මර්දනය පටන් අරන්ද කියලා අපිට හිතෙනවා. මීට ටික වෙලාවකට කලින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා වෙඩි තියලා මරලා දානවා. ඔහු සභාපති පත්වෙන දවසෙත් ආණ්ඩුවේ මැරයෝ ලොකු ප්‍රශ්නයක් ඇති කළා. සභාපතිගේ කාර්යාලයටම ඇවිත් වෙඩි තියලා යන්න තරම් දරුණු තත්ත්වයක් රට තුළ ඇති වෙලා. මේ රජය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නෙත් නෑ, ආරක්ෂා කරන්නෙත් නෑ.” යැයි මහලේකම්වරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 827

Leave A Reply

Your email address will not be published. Required fields are marked *