වැලිගම සභාපති ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු වන මොහු ගාල්ලේදී වැලිගම පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. වාර්තාවලට අනුව, මෙම ඝාතනය සිදු කිරීමට පෙර දින සැකකරු වෙඩික්කරුවන් සමඟ ගාල්ල සහ මාතර ප්‍රදේශවල ගමන් කර ඇති බවට හෙළි වී තිබේ. එසේම, මෙම සහාය සඳහා ඔහුට වෙඩික්කරුවන්ගෙන් රුපියල් 20,000ක මුදලක් ලැබී ඇති බවද සඳහන් වේ. මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ යයි. මීට පෙර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේ නිවසක සිටියදී කාන්තාවක්ද ඇතුළුව තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 850

Leave A Reply

Your email address will not be published. Required fields are marked *