වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් විසින් භාවිත කරන ලද යතුරුපැදිය බුත්තල ප්‍රදේශයේ වනයක දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් බුත්තල-කතරගම මාර්ගයේ 16 කණුව අසල වනාන්තර ප්‍රදේශයක තිබී එය සොයා ගන්නා ලදී.සැකකරුවන් අම්බලන්තොටට පැමිණ, කතරගම-බුත්තල මාර්ගය ඔස්සේ කැකිරාව දෙසට පලා ගොස් ඇත.යතුරුපැදියේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් ඔවුන් එය අතහැර දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.























