වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පිළිබඳව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම වෙඩික්කරු ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙකු වීමේ වැඩි ඉඩක් ඇති බවට පොලීසිය සැක පළ කරයි.පසුගිය බදාදා (22) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල මැදිරිය තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි. මේ වනවිට දිවි අහිමි වූ සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ සඳහා යොදවා ඇති අතර, ඉන් කණ්ඩායම් දෙකක් සිද්ධියට අදාළ CCTV කැමරා දත්ත පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරයි.මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම ඝාතන සිද්ධියට අදාළව දුරකථන දත්ත ඔස්සේද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බවයි.
























