2023 වසරේ වැලිගම ප්‍රසිද්ධ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩි තැබීමෙන් පසු ඔහු විදේශගතව සිට ඇති අතර, ඊයේ (පෙබරවාරි 23) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී පොලිස් භාරයට ගෙන ඇත.2023 දෙසැම්බර් 31 වන දින සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් විය. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.


























