වැලිමඩ මද්‍රසා පාසලක සිසුවෙකුගේ අභිරහස් මරණයට විරෝධය!

වැලිමඩ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව ඊයේ (නොවැම්බර් 14) දින විරෝධතාවක් පැවැත්වූයේ, එම ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙකුගේ මරණය සැක සහිත බවට චෝදනා කරමිනි. මෙම පිරිමි දරුවා අධ්‍යාපනය ලබමින් සිටි මද්‍රසා පාසලේ වැසිකිළියක් තුළ මිය ගොස් සිටියදී සොයාගෙන ඇති අතර, එකල පැවසී ඇත්තේ ඔහු දිවි හානි කරගෙන ඇති බවයි. ඊයේ වැලිමඩ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. මාධ්‍ය අමතමින් විරෝධතාකරුවෙකු කියා සිටියේ, “දරුවා නොවැම්බර් 03 වැනිදා මිය ගොස් සිටියදී සොයාගත්තා. දරුවාට මොකද වුණේ කියලා අපිට තවමත් තේරෙන්නේ නැහැ. එය අභිරහසක්. එතරම් කුඩා දරුවෙකුට දිවි හානි කරගන්න පුළුවන්ද?” යනුවෙනි.

What's your reaction?

Related Posts

1 of 841

Leave A Reply

Your email address will not be published. Required fields are marked *