වැලිවේරිය පොලිස් වසමේ වෙඩි තැබීමක් සම්බන්ධව*

2025.03.13 දින පැය 2100 ට පමණ වැලිවේරිය පොලිස් ස්ථානයට වැලිවේරිය 514 ඇඹරලුව බස් මාර්ගයේ අරලිය ගස් දෙක හන්දිය අසල වෙඩි තැබීමක් සිදු වී ඇති බවට 119 පණිවිඩයක් ලැබී ඇත.ඒ අනුව වැලිවේරිය උප ඒකකයේ නිලධාරීන් හා වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාල ස්ථානය වෙත පිටව ගොස් ඇත.එම ස්ථානයේ නුවර පාර දෙසට වම් මංතීරුවේ වාහනයක වීදුරු කුඩුවී විසිරී තිබෙනු නිරීක්ෂණය වන අතර මාර්ගය අසල 09mm වර්ගයේ උණ්ඩ කොපුවක් බිම වැටී තිබෙනු නිරීක්ෂණය වේ.තවද ඒ අසල සිලි කවරයක් හා ලේන්සුවක් බිම වැටී තිබෙන අතර අවට ප්‍රදේශයේ ලේ පැල්ලම් හෝ වෙනත් කිසිවක් මෙතෙක් නිරීක්ෂණය නොවේ.අවට ප්‍රදේශවාසීන් හට වෙඩි සද්දයක් පමණක් ඇසුනු බවට ප්‍රකාශ කර සිටී.සිදුවීම ඇසින් දුටු කි⁣සිවෙකු මෙතෙක් හමු වී නොමැත.මේ සම්බන්ධව වැඩිදුර වාර්ථාවක් පසුව ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

ස්ථානාධිපති,
ගමිපහ

What's your reaction?

Related Posts

1 of 621

Leave A Reply

Your email address will not be published. Required fields are marked *