වැස්ස තවදුරටත්

නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලටත් ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර, තද සුළං ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *