තෙල්දෙණිය පොලිසිය පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ සාදයක් වටලා කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සැකකරුවන් විසි හය දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවයි. මෙම වැටලීම අද (13) අලුයම තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක පැවති සාදයකදී සිදුකර ඇත. මෙහිදී පොලිසිය විසින් අයිස් (ක්‍රිස්ටල් මෙත්) මිලිග්‍රෑම් 4,134ක්, හැෂිෂ් මිලිග්‍රෑම් 1,875ක්, කුෂ් මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මිලිග්‍රෑම් 390ක්, හතු මිලිග්‍රෑම් 804ක්, මත්ද්‍රව්‍ය පෙති 13ක් සහ නීති විරෝධී සිගරට් 12ක් සොයා ගෙන තිබේ. වයස අවුරුදු 18ත් 31ත් අතර පසුවන පිරිමි සැකකරුවන් මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිලගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රිකුණාමලය සහ ජා-ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, වයස අවුරුදු 21ත් 26ත් අතර පසුවන කාන්තා සැකකාරියන් සිව් දෙනා මහනුවර, මීගමුව සහ පුණ්ඩලුඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. සියලුම සැකකරුවන් අද දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.


























