විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේම සිටින වඩාත් සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කරන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ, එම දෙපාර්තමේන්තුවේම දීර්ඝ පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ධර්මපාල ගම්මන්පිල මහතා මෙම තනතුර සඳහා උචිත තේරීමක් බවත්, එම පත්වීම කඩිනමින් සිදු කරන ලෙසත්ය. දෙපාර්තමේන්තුවෙන් බැහැර පුද්ගලයෙකු මෙම තනතුරට පත් කිරීම නුසුදුසු බව ද මහා නාහිමිවරුන් වැඩිදුරටත් පෙන්වා දෙති.හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගැනීමෙන් පසු මෙම තනතුර පුරප්පාඩු වී පවතී. ගම්මන්පිල මහතා වැඩබලන පදනම මත එම රාජකාරි ආවරණය කළ ද ඔහුගේ සේවා කාලය 2025 දෙසැම්බර් මාසයෙන් අවසන් විය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කරන ලද නාම යෝජනා කිහිපයක්ම ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක, මෙම පත්වීම ප්‍රමාද වීම පිළිබඳව විපක්ෂය ද දිගින් දිගටම රජයට චෝදනා එල්ල කර ඇත. විගණකාධිපතිවරයෙකු නොමැති වීමෙන් රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය පිළිබඳ මහජන මතභේද හටගෙන ඇති බවත්, එය රජයේ ආර්ථික වැඩපිළිවෙළ කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකි බවත් මහා නාහිමිවරුන් සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.



























