විජේදාසගේ තීරනය තවත් කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත් , වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය , එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල පැමිණිල්ල සංශෝධනය සිදුකොට කොළඹ දිසා අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබුවා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 93 වන වගන්තිය අනුව මෙවැනි නඩුවක් සලකා බැලීමට පෙර ඊට සිදුකිරීමට යන සංශෝධන මොනවාද? යන්න පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කළ යුතු බව සඳහන් කළා.

එහෙත් මෙම පැමිණිල්ලට සිදු කරන සංශෝධන පිළිබඳව සිය සේවාදායකයාට දැනුවත් කොට නොතිසි ලබාදීමක් සිදුකර නොමැති හෙයින් මෙම අවස්ථාවේදී අදාළ පැමිණිල්ල සලකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළා.

එම අවස්ථාවේදී පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අයගේ පදිංචිය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝගය නිකුත් කිරීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසුවා.

එහෙත් අදාළ පැමිණිල්ල සංශෝධනය කර යලි වාරණ නියෝගය ලබා ගැනීම සඳහා කරුණු තහවුරු කිරීමේ අයිතිය පැමිණිල්ලට විනිසුරුවරයා විසින් ලබා දුන් බවත් ඔහු සිහිපත් කළා.

ඒ අනුව හතර වන සහ පස්වන විත්තිකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් බව තහවුරු කොට අදාළ පැමිණිල්ල සංශෝධනය කර මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය බාරගෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවසර ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා අදාළ පැමිණිල්ල ලබන සඳුදා(20) කැඳවන ලෙසත් නියෝග කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *