පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ ශත සංවත්සර සැමරුම් උළෙලේ සමාප්තියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.සැමරුම් උළෙල නොවැම්බර් 1 වනදා ප.ව. 2.00 ට පැවැත්වීමට නියමිතය.ඔක්තෝබර් 27 වනදා ආරම්භ වූ ආගමික උත්සව ඇතුළු ශත සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වා තිබුණි.ඔක්තෝබර් 27 වන දින ආරම්භ වූ අධ්‍යාපනික ප්‍රදර්ශනය 31 වනදා දක්වා පැවැත්වේ.මෙරට බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ට අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන විද්‍යාලංකාර මහා පිරිවෙන 1875 වසරේදී ශ්‍රී ධර්මාලෝක මහා ථේරයන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී.






















