විදුලි කප්පාදුවක් ගැන පැතිරෙන ප්‍රචාර අසත්‍යයි: බලශක්ති අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

ඉදිරි කාලසීමාවේදී, විශේෂයෙන්ම අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු ඒවා බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ගැටලු පවතින බවට පැතිරෙන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන අමාත්‍යාංශය, එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.​මේ වන විටත් ලක්විජය බලාගාරය සඳහා ඇණවුම් කළ ගල් අඟුරු නැව් 36කින් 22ක් ගොඩබෑම අවසන් කර ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එසේම අප්‍රේල් මස අවසානය දක්වා විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන තොග ද පවතින බැවින්, කිසිදු විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,069

Leave A Reply

Your email address will not be published. Required fields are marked *