වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමට සහ එක් ඒකකයක් රුපියල් 67ක් වන පරිදි ‘භාවිත වන කාලය අනුව’ (Time-of-use) මිල ගණන් නියම කිරීමට රජය දරන උත්සාහය අතිශය අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාතික ජන බලවේග (NPP) රජයේ නව විදුලිබල ප්‍රතිපත්තිය විවේචනය කරමින් ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබන ඔහු අනතුරු අඟවන්නේ, මෙමගින් සාමාන්‍ය පාරිභෝගිකයා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයද දැඩි පීඩාවකට පත්වන බවයි. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන් මෙහි ප්‍රධාන ගොදුරක් බවට පත්වන බව ඔහු පෙන්වා දෙයි.වීදි ලාම්පු සඳහා ගෙවීම් කිරීම ජනතාව ප්‍රතික්ෂේප කළහොත්, එය රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පවා දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ගෙන් දහවල් කාලයේ භාවිත කරන ඒකක මත පදනම්ව මුදල් අය කිරීම වැනි යෝජනා පිළිබඳව අනිවාර්යයෙන්ම මහජන උපදේශන ලබාගත යුතු බවත්, විදුලි මිල 33%කින් අඩු කරන බවට පොරොන්දු වී දැන් එය 11.57%කින් ඉහළ නැංවීමට කටයුතු කිරීම රජයේ ‘බේගල් සහ රැවටීම’ පිළිඹිබු කරන්නක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගිකයාට සහන සලසන ලෙසත්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියි.


























