විදුලි බිල අඩු කිරීමට ඇති අවස්ථාව රජය මගහරිනවාද? විදුලි පාවිච්චි කරන්නන්ගෙන් ප්‍රබල ප්‍රශ්නයක්!

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගෙන්වන ලද ගල්අඟුරු බාල ප්‍රමිතියෙන් යුක්ත බවට මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ වාර්තාව මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වාර්තාවලට මුවා වී නිසි වන්දිය ලබාගැනීමෙන් රජය වැළකී සිටින බවයි. බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවන තාක්ෂණික හා මූල්‍යමය පාඩු පාරිභෝගිකයා මත පැටවීම වහාම නතර කළ යුතු බව ඔහු අවධාරණය කරයි.​විදුලි බිලට සෘජුවම බලපාන කරුණු නිවැරදිව විශ්ලේෂණය කරන්නේ නම්, ජනතාවට සහනයක් වන පරිදි විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීමේ හැකියාව පවතින බවද ඔහු පවසයි. විශේෂයෙන්ම, අකාර්යක්ෂමතාව නිසා සිදුවන පාඩු සහ කාලගුණික බලපෑම් මත පදනම් වූ අමතර පිරිවැය පාරිභෝගික බිලට එක් නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.​මේ අතර, යළිත් වරක් හදිසි මිලදී ගැනීම් හරහා ගල්අඟුරු නැව් පහක් ලබාගැනීමට රජය සූදානම් වන බවත්, එහිදී ප්‍රසම්පාදන කොන්දේසි වෙනස් කිරීම හරහා දූෂිත ගනුදෙනුවලට මග පෑදිය හැකි බවත් අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. “රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා” යැයි බලධාරීන්ට අනතුරු අඟවන ඔහු, වත්මන් දේශපාලන ක්‍රියාවලිය “හුංඩු පුනරුදයක්” ලෙස හඳුන්වමින් පවතින තත්ත්වය දැඩි විවේචනයට ලක් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *