විදුලි බිල 30%කින් පහතට: වසර තුනක සහන සැලසුමක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (පෙබරවාරි 05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, රජයේ පොරොන්දුව පරිදි ඉදිරි වසර තුන ඇතුළත විදුලි ගාස්තු 30%කින් අඩු කරන බවයි. වර්තමාන රජය බලයට පත්වන විට රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක් උත්පාදනය කිරීමේ පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා 22%කින් පහත හෙළා ඇති බවත්, උත්පාදන පිරිවැය අඩු කිරීම හරහා මෙම සහනය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.​පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි ඒකකයක පිරිවැය අඩු නොකර පාරිභෝගික ගාස්තු අඩු කළ නොහැකි බවයි. දැනට විදුලිය වැඩි මිලට මිලදී ගෙන පාඩු ලබමින් අලෙවි කරන තත්ත්වයක් පවතින බැවින්, ඉදිරියේදී ඒකකයක පිරිවැය රුපියල් 25 දක්වා තවදුරටත් අඩු කිරීමට රජය ඉලක්ක කරන බවත්, එමඟින් පොරොන්දු වූ 30%ක විදුලි බිල අඩු කිරීමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවන බවත් ඔහු අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *